අරගලකරුවන්ගේ පහරකෑමට ලක්ව ජීවිතක්ෂයට පත් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මන්ත්‍රීවරයාගේ නමින් හා ඔහුගේ ආරක්ෂක නිලධාරියා නමින් මැදිරිගිරිය ප්‍රදේශයේ මාර්ග දෙකක් නම් කිරීමට ප්‍රාදේශීය සභාවේ අනුමැතිය හිමිවි තිබුණි .

ඒ අනුව මැදිරිගිරිය කවුඩුලුවැව මාර්ගය අමරකීර්ති අතුකෝල නමින් ද බිසෝබණ්ඩාර මාර්ගය ජයන්ත ගුණවර්ධන නමින් නම් කර ඊට අදාල පුවරුව විවෘත කිරීමේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රම මහතා පැමිණීමත් සමඟ ප්‍රදේශයේ ජනතාවගෙන් දැඩි විරෝධයක් ඒල්ල විය.

අනතුරුව එම ස්ථානයට එක් රොක් වූ ප්‍රදේශයේ ජනතාව ඔවුන්ට සිය විරෝධය ඒල්ල කර සිටි අතර ඔවුන් කියා සිටියේ ප්‍රදේශයේ අබලන් මාර්ග තිබිය දි සුදු ඇදගෙනවිත් දැනට ප්‍රයෝජනයට ගන්නා මාර්ග විවිධ පුද්ගලයන්ගේ නම්වලින් විවෘත කිරීමට තමන් විරුද්ධ බවයි.

ඒසම අති මිනිස් ගැටුම් වලින් ජනතාව පීඩා විඳින අතර දිනෙන් දින මිනිස් ජීවිත අහිමිවන කාලෙක ජන ජීවිතයට බාදා නොවන ලෙස අලි ගැටළුවලට පවා පිළියම් ලබා නොදී මෙවන් විහිලු සහගත ක්‍රියා නොකරන ලෙසට ගම්වාසීහු ඇමැතිවරයා ඇතුළු පිරිසට පැවැසූහ.

මෙම සිද්ධියත් සමග ප්‍රදේශයේ දැඩි උණුසුම් තත්ත්වය ඇති විම හේතුවෙන් ඇමැතිවරයා ඇතුළු පිරිස එම ස්ථානයෙන් පිටව ගියහ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page