වර්තමානයේ රටට සිදු වී ඇති තත්වයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු සියලු දේශපාලඥයින් වග කිව යුතු බව මිහින්තලා රජ මහ විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ කියා සිටි .
අයහපත් පනතක් පාර්ලිමේන්තුවේදී සම්මත විම මගින් රටේ සාමාන්‍ය ජනතාව පීඩා විඳින බවත් ආණ්ඩු පක්ෂයට හා විපක්ෂයට එයට වග නොකියන බවද උන්වහන්සේ කියා සිටියහ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නාහිමියන් බැහැදැක දැකීමට එම පුද බිමට පැමිණි අවස්ථාවේදී උන්වහන්සේ මේ බව සඳහන් කල අතර
මිහින්තලා පූජා භූමිය සම්බන්ධයෙන් පවතින ගැසට් නිවේදනය ද නොසලකා හරිමින් මත්පැන් අලෙවි සැල් බලපත්‍ර ලබාදීමට පාලකයන් කටයුතු කර ඇති බවද පැවසිය
එහිදී අදහස් පළ කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේ පොසොන් පොහොය වෙනුවෙන් මිහින්තලා ආලෝක පූජාව ඇතුළු පින්කම සිදු කිරීමටත් මිහින්තලා හිමියන්ගේ ඉල්ලීම පරිදි මිහින්තලේ මහා විද්‍යාලයට බස් රථයක් ලබා දීමට ද කටයුතු කරන බවයි.
