13 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමට එරෙහිව මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කිරීමේ සමුළුවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත .
අගෝස්තු 10 වැනිදා පස්වරු 3.30 සිට 6.30 දක්වා තුම්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ දී පැවැත්වෙන මෙම සමුළුව විශ්‍රමික ලුතිනන් ජනරල් ජගත් ඩයස් මහතා විසින් සංවිධානය කරයි.
කොටි සංවිධානය පරාජයට පත් කළ මානුෂිය මෙහෙයුමේදී 57 වැනි සේනාංකයේ සේනාංකාධිපතිවරයා ලෙස ජගත් ඩයස් මහතා කටයුතු කර ඇත .
