නිදහස් සෞඛ්‍ය පිළිබඳව මේ වන විට ජනතාව තුළ විශ්වාසයක් නැතිවි තිබිම හෙතුවෙන් රෝහල් වෙත යාමට රෝගීන් බිය වි ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ . සි . අලවතුවල පවසයි.

ඔහු මෙ බව සඳහන් කලේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ය.

දකුණු ආසියාවේ හොඳම සෞඛ්‍ය සේවය පවත්වාගෙන ගිය ශ්‍රී ලංකාව අද වන විට බාල බෙහෙත් ගෙන්වමින් ඒවා ප්‍රමිතියෙන් තොර වීම හේතුවෙන් රෝගීන් මිය යන තත්ත්වයට පත් කර ඇත.

මෙම තත්වයට රජය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකිව යුතු බවත්
සෞඛ්‍ය සේවකයන් , වෛද්‍යවරුන් , හෙදියන්ගේ මහන්සියෙන් සහ උත්සාහයෙන් සෞඛ්‍ය සේවය රැක ගත්තත් අද සෞඛ්‍යයට අත්වී තිබෙන ඉරණම කනගාටුදායක බවත් ඔහු වැඩිදුරටත් පවසයි .

ජනතාවට හොඳ සෞඛ්‍ය සේවයක් ලබා දීමට රජයට සහ සෞඛ්‍ය අමාත්‍යංශයට බැරි බවත් මේ වන විට විදුලි බිල සහ ජල බිල වැඩිවීම ජනතාවට දරාගත නොහැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා සදහන් කර සිටි .

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page