රජය විසින් ඉදිරිපත් කර ඇති අස්වැසුම වැඩපිලිවෙලේ අඩුපාඩු සකස් කරන තෙක් කෙටි කාලයකට අත්හිටුවන්නැයි ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලිමක් කර ඇත .

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා ඇතුළු ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු 62 ක් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් මෙම ඉල්ලීම සිදු කර ඇත.

අස්වැසුම යෝජනා ක්‍රමය මගින් සැබෑ සුදුස්සන්ට සහනාධාර අහිමිවී නුසුදුස්සන්ට සහනාධාර ලැබී ඇති බව ඔවුන් පෙන්වා දෙයි .

ජනාධිපතිවරයා රටේ ආර්ථික හා දේශපාලන ව්‍යාකූලත්වයෙන් මුදවා ගැනීමට දැක්වූ දායකත්වය හා ජනතා විශ්වාසය මේ හේතුවෙන් පළුදු වෙමින් පවතින බවත් එම ලිපියේ සදහන් වේ.

අස්වැසුම නිර්ණායක වල පවතින අඩුපාඩු හේතුවෙන් සහනාධාර ලැබීය යුතු ලක්ෂ ගණනකට සහනාධාර අහිමි වී ඇති බවද ඔවුන් පෙන්වා දී තිබේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page