අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරියට යුක්තිය ඉටුවන ආකාරයක් පෙනෙන්නට තිබීම තමා සතුටු වන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි .
කරු ජයසූරිය මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියට එරෙහිව නගාතිබූ චෝදනා විමර්ශනය කල රාජ්‍ය සේවා කොමිෂන් සභාව එම චෝදනාවන්ගෙන් නිදොස්කොට නිදහස් කරන්නට තීරණය කර තිබීම සලකන්නේ සිය හෘද සාක්ෂියට අනුගතව නීතිය ක්‍රියාකරන්නට කටයුතු කරන අප රටේ රාජ්‍ය නිළධාරීන්ට කල දිරිගැන්වීමක් වන බවයි.
එම මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.

