කල්බදු ගෙවීම පැහැර හැරීම හේතුවෙන් බැංකු සහ මූල්‍ය ආයතනවලට රථ වාහන නැවත ලබා ගත හැක්කේ හිමිකරුගේ විරෝධතාවක් නොමැති නම් පමණක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කරයි.
ඔහු ඊයේ (11) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කියා සිටියේ රථ වාහන යළි අත්පත් කර ගැනීම සිදුවන්නේ පරාටේ නිතියෙන් නොවන බවයි.
එමෙන්ම පරාටේ බලතල යටතේ යම් දේපොලක් බැංකුවට හෝ මූල්‍ය ආයතනයකට නැවත පවරා ගැනීමක් සිදු කළ හැක්කේ ණය මුදල රුපියල් ලක්ෂ 50 ට වඩා වුවහොත් බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා.
කෙසේ වෙතත් බැංකුව පරාටේ බලතල මගින් දේපල අත්පත් කර ගැනීමට කටයුතු කරන්නේ මෙම අදාළ ණය අය කර ගැනීමට වෙනත් කිසිදු විකල්පයක් නොමැති විට පමණක් බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.
පසුගිය ජනවාරි මාසයේ සිට ජූනි මාසය දක්වා කාලය තුළ මෙරට බැංකු සහ මූල්‍ය ආයතන 19ක් මගින් පරාටේ නීතිය ක්‍රියාත්මක කර ඇත්තේ අවස්ථා 173ක දී පමණක් බව ද ඔහු මෙහිදී පෙන්වා දුන්නා.
