පාසලක බිත්ති දෙකක් අතර සිරවුනු හත් හැවිරිදි පාසල් සිසුවිය නිරුපද්‍රිතව බේරාගැනීමට කළුතර මහ නගර සභාවේ සහ ගිනි නිවන ඒකකය සමත්ව තිබෙනවා.

මෙසේ සිරවී සිටියේ කළුතර කටුකුරුන්ද රෝමානු කතෝලික විදුහලේ දෙවන වසරේ ඉගෙනුම ලබන සිසුවියකි.

ඇය සෙල්ලම් කරමින් සිටියදී මෙලෙස එම විදුහලේ වැසිකිළියක බිත්තියක් සහ තාප්පයක් අතර සිරවී ඇති බවයි වාර්තා වේ.

ගිනිනිවන ඒකකය එහිදී උපකරණයක් යොදාගනිමින් තාප්පයට සහ වැසිකිළි පද්ධතියේ බිත්තියට තෙරපුමක් ලබාදී සිසුවිය බේරාගැනීමට සමත්ව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page