ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 72 වැනි සංවත්සර සමුළුව කොළඹදී පැවැත්වීමට තීරණය කිරීමත් සමග ශ්‍රීලනිපය තුළ නැවතත් ගැටුම් උත්සන්න වී ඇති බව වාර්තා වේ.

හෙට්ටිපොල ප්‍රදේශයේදී පැවැත්වීමට ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර සංවිධානය කර තිබුනත් ආණ්ඩුවට එක්ව ඇමතිකම් ලබාගෙන සිටින පිරිසගේ ඉල්ලීම මත එම තීරණය හදිසියේම වෙනස් කර එම සංවත්සර සමුළුව ලබන මස 03 වනදා ශ්‍රී ජයවර්ධනපුර, මොනාක් ඉම්පීරියල් හෝටලයේදී පැවැත්වීමට තීරණයක් ගෙන ඇති බව සඳහන් වේ.

මෙසේ පක්ෂ සංවත්සර සමුළුව පැවැත්වීමට සැලසුම් කර තිබුණු ස්ථානය වෙනස් කිරීම සම්බන්ධයෙන් දයාසිරි ජයසේකර මහතා දැඩි විරෝධය පළකර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි

හෙට්ටිපොලදී සමුළුව පැවැත්වීමට ෂාන් විජයලාල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ද පත්කර තිබී ඇති අතර එම කමිටුව මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් දෙවතාවක් රැස්වී සාකච්ඡා කර ඇත .

ඒ අනුව හෙට්ටිපොලදී සමුළුව පැවැත්වෙන බවට පක්ෂ සංවිධායකයින්ට ආරාධනා පත්‍ර ද යවා තිබියදී හදිසියේම එය කොළඹට ගෙනයාමට කටයුතු කිරීම විමතියට කරුණක් බවයි දයාසිරි ජයසේකර මහතා පවසා ඇත්තේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page