නොදන්නා ඉතිහාසය ගැන වැරදි කරුණු තැන් තැන්වල නොකියා තමන් සමග ඕනෑම නාලිකාවක විවාදයකට පැමිණෙන්නැයි පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම්ට අභියෝග කරන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා ප්‍රකාශ කරයි .
පක්ෂය පිළිබඳ නොදන්නා කරුණු කියමින් සාගර කාරියවසම් මහතා විවිධ ප්‍රකාශ සිදුකරන බවත් පෞද්ගලිකව තමාට එරෙහිව තැන් තැන්වල ප්‍රකාශ කරන බවත් ඔහු පැවසීය.
එසේ එල්ල වන චෝදනා වලට ප්‍රසිද්ධියේ පිළිතුරු දීමට තමන් සූදානම් බවත් ඒ සඳහා ඕනෑම නාලිකාවක විවාදයකට පැමිණෙන ලෙස ඔහුට විවෘත ආරාධනා කරන බවද ලංසා මහතා පවසයි
පොදුජන පෙරමුණ ආරම්භ කරන අවස්ථාවේ හිටපු නැති සාගර කාරියවසම් අද වනවිට පොහොට්ටුවේ අයිතිකරු වගේ පක්ෂයේ ඉතිහාසය විකෘති කරමින් විවිධ ප්‍රකාශ කරමින් සිටින බවද මන්ත්‍රීවරයා පැවසුවා .
