දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිය විසන්ධි කිරීමට පියවර ගෙන ඇති බවත් ඒසේ සිදු නොකර ඒ සදහා නිසි ක්‍රමවේදයක් සකස් කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරයි.

බෞද්ධ ආගමික සිද්ධස්ථාන මෙන්ම වෙනත් ආගමික සිද්ධස්ථාන රැසක ද මෙසේ විදුලිය කප්පාදු කිර ඇති බවත් ආගමික සිද්ධස්ථාන ඉලක්ක කරගෙන සිදු කරන මෙම විදුලි කප්පාදුව නවතා දමන ලෙස ද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සදහන් කලා.

තවද ආගමික සිද්ධස්ථාන සදහා ප්‍රමුඛස්ථානය නොදිම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්ද සිදු වන බැවින් මේ සඳහා සුදුසු නිසි ක්‍රමවේදයක් සකස් කරන ලෙසද විපක්ෂ නායකවරයා අදාල පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින ලදි

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page