අලි ඇතුන්ට ලේසර් කිරණ අල්ලා කුලප්පු කරවා දළදා පෙරහර කඩාකප්පල් කිරීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වේද යන්න සම්බන්ධයෙන් සොයා බලන ලෙස අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන පොලිස්පතිවරයාට ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කරයි

බෞද්ධ පෙරහර කඩාකප්පල් කිරීමට සහ අපහාසයට ලක් කිරීමට සංවිධානාත්මක වැඩපිළිවෙලක් වසර කිහිපයක සිට ක්‍රියාත්මක වන බව නිරීක්ෂණය වන බව මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.

මහනුවර දළදා පෙරහැරට විරුද්ධව පසුගිය සමයේදී සමාජ මාධ්‍ය මෙහෙයුමක් පවා ක්‍රියාත්මකවූ බවද චන්න ජයසුමන මහතා පැවසු අතර දළදා පෙරහැරේ ගමන් ගන්නා අලි ඇතුන් අපහසුතාවයට ලක් කිරීමටඇතැමුන් ලේසර් කිරණ භාවිතා කරන බවට ඇත්ගොව්වන්නන්ද ප්‍රකාශ කර ඇති බවත් වගා හානි කරන සතුන් පලවා හැරීමට භාවිත කරන ලේසර් කිරණ නිකුත් කරන කුඩා උපකරණ පෙරහරට සති කීපයකට පෙර අලෙවි කිරීමට ප්‍රචාරක වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක වූ බව
ඔහු දැනුම්දී ඇත.

එසේම ලේසර් කිරණ මෙරටට ආනයනය කිරීමට නිසි අවසරයක් ලබාගෙන තිබේද ඒවා ලංකාවට ආනයනය කළේ කවුරුන් යන වග විමර්ශනයක් පවත්වන ලෙසද මහාචාර්ය චන්න ජයසුමන මහතා පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page