ඓතිහාසික මුල්ලේරියාව සටනේදී ගේ‍්‍රනේදා නැමැති ආයුධයකින් මෙරට හමුදාවන් පහර දුන් බවට පෘතුගීසි පොත්පත්වල සඳහන් වන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සඳහන් කරයි.

බත්තරමුල්ලේ දි පැවැති “රනිල් උත්තරය ද? ප්‍රශ්නය ද?” සම්මන්ත්‍රණයේ ඔහු මේ පිළිබඳව සදහන් කර ඇත .

‘මගේ මතකයට එනවා පෘතුගීසීන් සමග අපේ හමුදා සිදු කළ ‘මුල්ලේරියාවේ සටන’ මේ පිළිබඳව සිංහල පොතපතෙහි නැති කාරණයක් පෘතුගීසි පොතපතෙහි දැකගත හැක. ‘සිංහල හමුදාවෝ එදා ග්‍රෙනේදා නැමැති ආයුධයකින් අපට පහර දුන්හ. එම ආයුධ පහරින් අපේ හමුදාවන්හි විශාල පිරිසක් මියගිහ, තුවාල ලැබූහ කියලයි ඔවුන් ලියා තිබුණේ . එම ආයුධයේ ස්වභාවය ගැන ඔවුන් කියන්නේ, ‘කුඩා යකඩ බෝල, වෙඩි බෙහෙත්, සේව නූලක් යොදා මෙය නිපදවා තිබිණි’ යනුවෙන්. මේකට ඉංග්‍රීසි හමුදා ‘ග්‍රෙනේඩ්’ කියා කියනවා. අපි දන්නේ නැහැ ග්‍රෙනේඩයට උපත ලබා දුන්නේ අපේ රණකාමී මුතුන්මිත්තන් ද බව’ ලෙස ඔහු එහිදී සදහන් කර සිටියා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page