‘බ්‍රිතාන්‍යයේ චැනල් 4’ නාලිකාව
පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය’ට රාජපක්‍ෂවරු සහ ආරක්‍ෂක අංශවල ඇතැම් ප්‍රධානීන් සම්බන්ධ බවට සිදුකල වාර්තා වැඩසටහන විකාශය කිරීමට විරෝධය පළකරමින් ජාතිය ගොඩනැගීමේ සහ සංහිදියාව උදෙසා වූ ව්‍යාපාරය අද (7) දහවල් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට
විරෝධතාවක් පැවැත්විය .
පූජ්‍ය අඟුඵගල්ලේ සිරි ජිනානන්ද ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ
සංහිදියාව උදෙසා වූ ව්‍යාපාරය ඒ පිළිබඳව සංදේශයක් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයට භාරදුනි.
එහිදී අදහස් දැක්වූ පූජ්‍ය අඟුඵගල්ලේ සිරි ජිනානන්ද ස්වාමීන්වහන්සේ..
ගවේෂණාත්මක විමර්ශනයකින් තොරව ඒක පාර්ශවීය ලෙස ඩයස්පෝරාවෙන් මුදල් මතින් මෙහෙයවන කණ්ඩායම විසින් ජිනීවා මානව හිමිකම් කොමිසම ඉලක්ක කරගෙන මෙවැනි ඇත්තටම සිදු කරන බව සදහන් කලා
මෙය රාජ්‍ය බුද්ධි අංශ බිඳ දැමීම ඉලක්කගත කරගෙන සිදුකරන බවත් රටේ බුද්ධි අංශය දුර්වල කිරීමට කරන උත්සාහයක් බවත් උන්වහන්සේ චෝදනා කළහ.
වගකිවයුතු රජයක් ලෙස මේ පිළිබඳව ජාත්‍යන්තරව හෝ දේශීයව විමර්ශන සිදු කිරීමට කටයුතු කළ යුතු බව උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.
