ශ්‍රී ලංකාවට නැවත ඉන්දීය හමුදාව ගෙන ඒමට පසුබිමක් නිර්මාණය නොකරන ලෙස දෙමළ ජනතා සන්ධානයේ නායක සී.වී. විග්නේෂ්වරන් මන්ත්‍රීවරයා පවසයි .
ඔහු මේ බව පැවසුවේ යාපනයේ දි පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින්ය.
13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුලින උතුරු නැගෙනහිර ප්‍රශ්නය විසඳීමට යෑමේ ප්‍රතිඵල භයානක බවත් යම් අරගලකාරී තත්ත්වයක් ඇති වුවහොත් ඉන්දියාවට සිය හමුදාව යළිත් උතුරු නැගෙනහිර පළාත්වල ස්ථාපිත කිරීමට බලයක් හා අවස්ථාවක් හිමි වන බවද ඔහු කියා සිටියා.
1983 දී ශ්‍රී ලංකාවේ ඇති වූ අන්දමේ ජාතිවාදී කෝලාහලයක් යළි ඇති වනු ඇතැයි තමන් විශ්වාස නොකරන බවත් ඉන්දීය හමුදාව උතුරු නැගෙනහිර පළාත්වලට යළි පැමිණියහොත් ඔවුන් ආපසු යැවීම පහසු නොවන බවත් සඳහන් කරා
13 වෙනි සංශෝධනයට අනුව බලය බෙදීමේ හෝ බලය විමධ්‍යගත කිරීම , සිදුකිරීමට උත්සාහ කළහොත් රට තුළ යම් විනාශකාරී හා ප්‍රකෝපකාරී ක්‍රියාදාමයක් සිදු විය හැකි බව දැනටමත් පෙනෙන්නට ඇතැයිද විග්නේෂ්වරන් මන්ත්‍රීවරයා මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් පවසා සිටියා.
