පාස්කු ප්‍රහාරය සම්බන්ධව බ්‍රිතාන්‍ය චැනල් 4 නාලිකාව විසින් නිකුත් කළ ආන්දෝලනාත්මක විඩීයෝව සම්බන්ධයෙන් හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒම සදහා පාස්කු ප්‍රහාරය සැලසුම් කර ඇති බව සඳහන් කරන පුද්ගලයකුගේ ප්‍රකාශයක් ඇසුරෙන් චැනල් ෆෝ නාලිකාව විසින් එම වැඩසටහන ඉදිරිපත් කර තිබෙනවා.
මේ පිළිබඳව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කළ නිවේදනය පහතින් වේ.

