පාස්කු ප්‍රහාරය පිළිබඳව චැනල් 4 නාළිකාව විකාශනය කල වීඩියෝව සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි මහතා විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව බ්‍රිතාන්‍ය විද්‍යුත් මාධ්‍ය නියාමන කාර්යාලය විමර්ශනයක් ආරම්භ කර ඇත .
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 නාළිකාව පසුගිය දා වීඩියෝ පටයක් විකාශනය කල අතර එයින් රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි මහතාට ද චෝදනා එල්ල කර තිබුණි.
තමන් විසින් මීට පෙර ද මෙම චෝදනාවලට සාක්ෂි සහිතව පිළිතුරු ලබාදී තිබියදීත් චැනල් 04 නාළිකාව විසින් සිතාමතා තමාව අපහසුතාවට පත්කිරීමේ අරමුණින් මෙම වීඩියෝ පටය ප්‍රචාරය කර ඇති බවට සුරේෂ් සලෙයි මහතා විසින් බ්‍රිතාන්‍ය විද්‍යුත් මාධ්‍ය නියාමන කාර්යාලයට දැනුම් දී ඇත
