ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම බෞද්ධ පාසැල් ගොන්නෙහි ප්‍රමුඛ ස්ථානයකට හිමිකම් කියමින් බුදු දහම වැළඳගත් ඇමරිකානු‍වකු වන කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් යුතු බෞද්ධ පරම විඥානාර්ථ සමාගම විසින් වර්ෂ 1892 මාර්තු මස 01 වන දින ගාල්ල මහින්ද විද්‍යාලය ආරම්භ විය.

මහින්ද විද්‍යාලය ජාතික පාසලක් වන අතර පිරිමි ළමුන් සඳහා ප්‍රාථමික හා ද්විතීය අංශ දෙකෙන් අධ්‍යාපන කටයුතු පැවැත්වේ.

ලක් ඉතිහාසය තුල විශිෂ්ටයන් බිහි කල ගාල්ල මහින්ද විද්‍යාලයේ ආදි සිසුන් ඔවුන්ගේ පැරණි මිත්‍ර දම අලුත් කරමින් ඔවුනොවුන් ඇගයිමට ලක් කරන ලදි…
.
70 දශකයේ අධ්‍යාපනය ආරම්භ කොට හැට වසරක් සම්පූර්ණ කළ ආදී සිසුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සුහද ක්‍රිකට් තරගයක් හා සුහද හමුව අති උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදි….

60 සපිරුණු ආදි සිසු කණ්ඩායමේ වසන්ත මහතාගේ මුලික දායකත්වයෙන් …ආනාන්ද යන අයහේ සංවිධානයෙන් ,මෙම සුහද හමුව පැවැත්විය….

රුහුණු විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ජයන්ත පස්දුන්කොරාල මහතා…බස්නාහිර පලාත් බාර නියෝජ්‍ය පොලිස්පති රෝහාන් ප්‍රේමරත්න මහතා , ගූවන් හමුදාවේ එයාර් වයිස් මාෂල් ආනන්ද ගුරුගේ මහතා , ශ්‍රී ලංකා යුධ හමුදාවේ මෙජර් ජනරාල් ගාමිණි විද්‍යාරත්න , මෙජර් ජනරාල් මහින්ද මුදලිගේ මහතා ඇතුළු විශාල පිරිසක් ඔවුන්ගේ සුහද සම්මානයෙන් පිදුම් ලබන ලදි…

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page