ජාතික පාසල්වල පුරප්පාඩු වී ඇති ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියේ විදුහල්පතිවරුන් සදහා අයැදුම්පත් භාරගැනීම මෙම මස 31 වැනිදායින් අවසන් බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
අයදුම්පත් කැඳවීම සඳහා වන සිංහල හා දෙමළ භාෂාවෙන් සකස් කරන ලද නිවේදනය පාසල් ලේඛනයලකුණු පටිපාටිය සහ ආදර්ශ ඉල්ලුම්පත්‍ර අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ පළ කර ඇති බවද අමාත්‍යංශය සඳහන් කරයි
රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුවේ නියමය පරිදි එම පාසල්වල පුරප්පාඩු පිරවීම සඳහා අයදුම්පත් කැඳවා ඇත .
