ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව මේ වසරේ මුල් මාස 6 තුළ රුපියල් බිලියන 1373.7 ක ආදායමක් උපයා ගැනීමට සමත්ව ඇත.
මෙය වසරේ මුල් මාස 6 සඳහා රේගුවේ අපේක්ෂිත ආදායම් ඉලක්කය රුපියල් බිලියන 1,060.5 ක් වූ අතර, රේගු දෙපාර්තමේන්තුව එම ඉලක්කය අබිබවා යමින් රුපියල් බිලියන 313ක අතිරික්ත ආදායමක් උපයා ගැනීමට සමත්ව ඇත.
මෙම වසර සඳහා රේගු දෙපාර්තමේන්තුව වෙත ලබා දී ඇති සමස්ත ආදායම් ඉලක්කය රුපියල් බිලියන 2,206කි. පසුගිය වසරේදී උපයාගත් රුපියල් ට්‍රිලියන 2.5 කි.
