හතරලියද්ද ටැම්පිට විහාරස්ථානයට පැමිණෙන නාගහමුලකන්ද මාර්ගයේ තිබී එම විහාරස්ථානයේ විහාරාධිපති වූ මුරුද්දෙනියේ සීලරතන හිමිගේ මළ සිරුර සොයාගත් බව පොලිසිය පවසයි.
හැටහත් හැවිරිදි වියෙහි පසුවූ උන්වහන්සේ තුම්පනේ පළාතේ උප ප්රධාන අධිකරණ සංඝනායක හිමි වශයෙන් කටයුතු කරයි.
මියගිය හිමිනම සිරුර හමුවන අවස්ථාවේදී සරමක් හා ටී ෂර්ට් එකක් ඇඳ තොප්පියක් පැළඳ සිට අතර හිමිනම රාත්රි කාලයේ කවුරුන් හෝ හමුවීමට විහාරස්ථානයෙන් පිටතට ගොස් ඇති බවත් මෙය ඝාතනයක් විය හැකි බවට පොලිසිය සැක කරනු ලබයි.
මෙය ඝාතනයක් ද යන්න ස්ථිරව ප්රකාශ කළ හැක්කේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව බව හතරලියද්ද පොලිසිය පවසයි.
