සංචාරක පුරවරයක් වන ඇල්ල ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක් තුළදී 58 හැවිරිදි කැනඩා ජාතික කාන්තාවකට අතවර කළ බව කියන තෙරපිවරයකු ඊයේ (12 දා) උදේ අත්අඩංගුවට ගත් බව ඇල්ල පොලිසිය පවසයි.

නිවාඩුවක් සඳහා මෙරටට පැමිණ සිටින මෙම විදෙස් ජාතික කාන්තාව ඇල්ල ප්‍රදේශයේ සංචාරයක නිරත වෙමින් සිට ඇත. ඇය එහිදී ඇල්ල-පස්සර මාර්ගයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයක් වෙත ගොස් තිබුණු අතර ඇය එහිදී සම්බාහනය ලබාගන්නා අවස්ථාවේ සැකකාර තෙරපිවරයා අතවර කළ බවට ඇල්ල පොලිසියට ඇය පැමිණිලි කර තිබේ.

34 වීයේ පසුවු සැකකරු පොලිසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසූ අතර
ඇල්ල පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්‍ෂණ සිදු කරයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page