රට නිවැරදි මාවතට මෙහෙයවීමට ආන්ඩුව ප්‍රමුඛතාව දි ඇති බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පැවසීය.

සාගල රත්නායක මහතා මේ බව සඳහන් කර සිටියේ පසුගියදා තරුණ වෘත්තීයවේදීන් සංවිධානය කල හමුවක් අමතමින්‍ ය.

මෙරට ජාතික ආර්ථිකයට තරුණයන්ගේ දායකත්වයක් ලබාගත හැකි අතර ශක්තිමත් නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රයක් මෙන්ම දියුණු සංචාරක කර්මාන්තයක් රට තුළ ඇති කරමින් මෙරට ආර්ථිකය ගොඩනංවා තරුණ තරුණියන්ගේ අනාගතය සුරක්ෂිත කළයුතු බවත් ඔහු පැවසී.

ඇතැමුන් රට බංකොලොත් කර දේශපාලන වාසි ලබා ගැනීමට උත්සහා කරනවා. රට සංවර්ධනය වුවහොත් ඔවුන්ට දේශපාලන වාසි ලබා ගැනීමට නොහැකි වෙනවා. ඒ නිසා ආණ්ඩුවේ ප්‍රමුඛතාවය විය යුත්තේ දේශපාලනය කිරීම නොවෙයි ,රට නිවැරදි මාර්ගය ඉදිරියට ගෙන යෑමයි. එම වගකීම අපට දැන් පැවරී තිබෙනවා.

රටේ තරුණයන්ට යහපත් අනාගතයක් අවශ්‍යයි. මෙරට සියලු තරුණ තරුණියන්ට විදේශගත වීමට ඉඩ දිය යුතු නැහැ. ‍විදේශ රැකියාවන්හි නියුක්ත තරුණ ප්‍රජාව මඟින් ජාතික ආර්ථිකයට යම් දායකත්වයක් ලබාගත හැකි වුවත් එය රජයේ ප්‍රතිපත්තිය කරගත නොහැකි බවත් ඔහු වැඩි දුරටත් පැවසුව.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් බිහි කරමින් රටේ සංවර්ධන න්‍යාය පත්‍රය මෙන්ම සිදුකළ යුතු ප්‍රතිසංස්කරණ නිසියාකාරව ක්‍රියාත්මක කිරීමේ වගකීම රජයට තියනවා . ඒ වගේම රටේ ජනතාවට යහපත් අනාගතයක් උදා කර දීම වෙනුවෙන් අයහපත් දේ ඉවත දැමීමට ද රජය කටයුතු කල යුතුව ඇත .

සමාජ සුබසාධන ප්‍රතිලාභ හිමිවිය යුත්තේ සැබවින්ම සුදුසු අයට පමණයි. ඒ නිසා සුදුසුම අයට සමාජ සුබසාධක ප්‍රතිලාභ ලබාදීමට රජය නිරතුරුවම කැපවී සිටින බවත් මෙම ප්‍රතිලාභ ලබාදීම සිදු කරන්නේ රටේ ජනතාව ගෙවනු ලබන බදු මුදල් වලින් බැවින් මෙම මූල්‍ය සම්පත් ඉතා වගකීමෙන් යුතුව භාවිත කිරීම සිදු කල යුතු බවත් ඔහු පැවසුවා.

දේශීය ණය ප්‍රශස්තකරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමත් සමඟ බැංකු කඩාවැටීම් සහ තැන්පත් මුදල් අහිමිවීම්, විශ්‍රාමික අරමුදල් දුර්වල වීම් වැනි කරුණු සම්බන්ධයෙන් පැතිරුණු කටකතා පදනම් විරහිත බව සඳහන් කර ඔහු අද වන විට බැංකු ශක්තිමත් වීම සිද වි ඇති බවද සේවක අර්ථසාධක අරමුදලේ පොලී අනුපාතිකය දැනට පවතින මට්ටමට වඩා අඩු නොකර නියමිත ප්‍රතිශතයම ලබා දීමට රජය සහතික වී තිබෙන බව ඔහු සදහන් කලා

එම නිසා දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් මෙම වැඩසටහන කඩාකප්පල් කිරීමට ගන්නා උත්සාහයන්ට ඉඩ නොතැබිය යුතුයි. එයට එරෙහිව නැඟී සිටීම තාරුණ්‍යයේ වගකීම බවත් ජනතාවට සත්‍ය අසත්‍ය අවබෝධ කරදීමට තරුණ තරුණියන්ට සහාය වි ඒ තුළින් රට නිවැරදි මාවතක මෙහෙයවමින් තරුණ පරපුරට සුරක්ෂිත අනාගතයක් නිර්මාණය කර දීමට දායකත්වය අවශ්‍ය බවත් ඔහු පැවසුවා

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page