කොළඹ සිට නුවරඑළිය දක්වා ධාවනය වු ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් කොළඹ – හැටන් ප්‍රධාන මාර්ගයේ වටවල සිංහල විදුහල අසලදී ප්‍රපාතයකට පෙරළී ඇත.

අද(01) උදෑසන 4.30 ට පමන
මාර්ගය ඉදිරියෙන් පැමිනි බස් රථයකට ඉඩ දීමට යෑමේදී බස් රථය මාර්ගයෙන් ඉවතට විසිවී ගොස් පෙරලි ඇත

සිදුවූ අනතුරකින් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා වටවල ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කෙරුන අතර බරපතළ තත්ත්වයේ සිටි තුවාලකරුවන් පස්දෙනෙකු නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යැවිණි.

අනතුර සිදුවන අවස්තාවේ බස් රථය තුළ මගින් විශාල පිරිසක් ගමන් කරමින් සිටි බව වාර්තා වේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page