පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය අතහැර සමගි ජන බල වෙගය සමග එකතු වු හරින් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාරට නැවත එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය හා කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වය ලබා දිමට අද තිරණය කලා.
එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ දි කෘත්‍යාධිකාරි මණ්ඩලය රෑස් වු අතර හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර මේ වනවිටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දෙමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රබල කැබිනට් අමාත්‍ය දුර දෙකක් දරමින් සිටි.
