ජනාධිපතිවරයාගේ පරිනත නායකත්වය හා සැලසුම් හේතුවෙන් රට නැවත සංවර්ධනය වන බවත් 2048 වන විට ඒ සිහිනය සැබෑ කර ගැනීමට හැකියාව තිබෙන බවත් කඩුවෙල එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක බිනර ජයවර්ධන මහතා ප්‍රකාශ කළ සිටි.
ඔහු මේ බව පැවසුවේ කඩුවෙල එක්සත් ජාතික පක්ෂ බල මන්ඩලය ආරම්භ කරමින් පැවති ජන හමුවකට එක් වෙමින් ය.
“ජේෂ්ඨ ඉතිහාසයත් ශ්‍රේෂ්ඨ අනාගතයක්” යන මැයෙන් සංවිධානය කර තිබුණු එම රැස්වීමක් අමතා ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ.
එදා පෝලිම් වල ජනතාව දුක් විඳිද් දී ,විසඳුමක් නොමැතිව ජනතාව අඳුරේ අතරමංවී සිටියදී, එම ගැටලුවලින් මිඳීමට අවශ්‍ය ක්‍රමවේදය ක්‍රමානුකූලව රට ඉස්සරහට ගෙනල්ලා
අද ඒ දුක් විඳපු ජනතාවට නැවත ජීවත් වීමට බලාපොරොත්තු ඇති කරපු එකම නායකයා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පමණක් බව ඔහු කියා සිටියා
දකුණු ආසියාව තුල පරිණතම නායකයෙක් ඇත්නම් ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බවත් ලෝකයේ රාජ්‍ය නායකයන් සමඟ ගනුදෙනු ගනුදෙනු කිරීමේ හැකියාව සහ රාජ්‍ය නායකයන් පිළිගන්නා එකම නායක රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බවත් ඔහු පවසයි.
රට තුළට විශාල ආයෝජන ප්‍රමාණයක් රැගෙන ඒමට වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරන බවත් ජාපන් ණය ආධාර යටතේය නැවත ආරම්භ කිරීමට එකඟතාව පළ කළ ඇති සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියත් මාලබේ නගරයෙන් ආරම්භ වන බැවින් කඩුවෙල ජනතා නායකයෙක් හැටියට තමන් ඒ පිළිබඳව සතුටු වන බවත් එම ආයෝජනය නිසා කඩුවෙල තවත් සංවර්ධනය කරා යොමු වන බවත් ඔහු පැවසීය.
එහි ප්‍රධාන ආරාධිතයන් ලෙස ලෙස
නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මැතිතුමා,උපනායක අකිල විරාජ් කාරියවසම් මැතිතුමා, ජාතික සංවිධායක සාගල රත්නායක මැතිතුමා ,ජනාධිපති වෘත්තීය සමිති අධ්යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය , හිටපු අමාත්‍ය කරුණාසේන කොඩිතුවක්කු මහතා සහභාගි විය .
