ඉදිකිරීම් ක්ෂේත්‍රය යළි නඟාසිටුවමින් එය ජාතික ආර්ථිකයට පුළුල් ලෙස දායක කර ගැනීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අරමුණ බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පවසයි .
“ඉදිකිරීම් කර්මාන්තය පුනර්ජීවනය පිළිබඳ විධායක කමිටුව” සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී රැස් වු අවස්ථාවේ ඔහු මේ බව ප්‍රකාශ කරන ලදී.
පසුගිය කාලයේ පැවැති ආර්ථික ගැටලුකාරී තත්ත්වය හමුවේ මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයෙහි මතු වූ ගැටලු සහ ඒවාට විසඳුම් ලබාදෙමින් ඔවුන්ට සහන සැලසීමට රජය ගත් තිරණවල ප්‍රගතිය ද මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.
විදේශ ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක කර, පසුගිය ආර්ථික ගැටලුකාරී තත්ත්වය හමුවේ අතරමඟ නවතා දැමුණු සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් යළි ආරම්භ කිරීම රජයේ අපේක්ෂාව බවත් ඉදිකිරීම්කරුවන් වෙත රජය මඟින් ගෙවීමට ඇති මාස තුනක් පැරණි හිඟ බිල්පත් මෙම අගෝස්තු මාසය තුළ ගෙවා අවසන් කිරීමට හැකි වනු ඇති බවත් ඔහු පැවසිය .
එසේම ලෝක බැංකුවේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව මෙරට ක්‍රියාත්මක කර ඇති සංවර්ධන ව්‍යාපෘති හා එහි ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙසත් ඔහු නිලධාරීන් හමුවේ දන්වා සිටින ලදී.
