ඊයේ (04) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී තිබෙනවා.
මහජන බැංකුව ඇමරිකා එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 305.58 සිට රු. 311.42 දක්වාද විකුණුම් මිල රු. 320.61 සිට රු. 326.74 දක්ව් ද ඉහල යයි.
කොමර්ෂල් බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 307.58 සිට රු. 309.78 ක් වන අතර විකුණුම් අනුපාතය ද රු. 322 සිට රු. 325.වේ.
සම්පත් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත රු. 310 සිට රු. 313 සහ රු. 322 සිට 325 දක්වා පිළිවෙලින් ඉහළ ගොස් ඇත.
