මෙම වසර අවසන් වීමට පෙර පුරන් වී ඇති කුඹුරු හෙක්ටයාර් 11,000 ක් යළි වගා කිරීම රජයේ අරමුණ බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහොන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා පවසයි .
ඔහු මෙම අදහස් පළ කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
ඉදිරියේදී රට තුළ ආහාර අර්බුදයක් ඇති වුවහොත් ඊට මුහුණ දීමේ පෙර සූදානමක් ලෙස ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා මෙම පුරන් කුඹුරු අස්වැද්දීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
මේ සඳහා රජය රුපියල් මිලියන 420 ක් වෙන් කර ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටි.
ඉන්දියාව සහල් අපනයනය නවතාලීම නිසා ඇතැම් රටවල් මේ වන විට සහල් අර්බුදයකට පවා ඇති වී තිබෙනවා.ඔවුන් එම පියවර ගෙන තිබෙන්නේ ඉදිරියේදී ඇති විය හැකි බවට විශ්වාස කරන ලෝක ආහාර අර්බුදයට මුහුණ දීම සඳහා වන අතර රටක් ලෙස අපද මෙම අර්බුදයට මුහුණදීමට සූදානම් විය යුතු අමාත්‍යවරයා වැඩි දුරටත් පවසනවා.
රටේ කෘෂිකාර්මික කේෂ්ත්‍රය නඟාසිටුවීම රජයකට තනිවම සිදුකළ නොහැකි අතර සියලු දෙනාගේම සහාය අත්‍යවශ්‍ය බවත්
කෘෂිකාර්මික කේෂ්ත්‍රය නඟාසිටුවීමෙන් ජාතික ආර්ථිකය ශක්තිමත් වන බවත් ඔහු පවසන ලදි.
රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 7..5:ක් ලබා දෙන්නේ කෘෂිකාර්මික කේෂ්ත්‍රයෙන් වීමත් රටක් ලෙස රටේ දළ දේශීය නිෂ්පාදිතයට ලබා දෙන දායකත්වය මීට වඩා ඉහළ අගයකට නංවාලීමට අවස්ථාව තිබෙන බවත් අමාත්‍යවරයා පවසයි
