දේශපාලන ඉතිහාසයේ සාදන දැවැන්තම සන්ධානය නිර්මාණය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා සඳහන් කරයි.
දැනට මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කරන පක්ෂවලට හා කණ්ඩායම් වලට අමතරව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු අමාත්‍යවරුන් කිහිප දෙනකු හා කුමාර වෙල්ගම මහතා සමඟද මෙම සන්ධානය ගැන සාකච්ඡා කර තිබේන බවත් ඉදිරි සතියේ තවත් එවැනි කණ්ඩායම් සමග සාකච්ඡා කරන බවද මන්ත්‍රීවරයා පවසයි .
පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරුන් 40 කට වැඩි පිරිසක් නව සන්ධානය සමග දැනටමත් එක්ව සිටින අතර එම සංඛ්‍යාව 50 දක්වා වැඩි කර ගැනීම තම අපේක්ෂාව බව නිමල් ලාන්සා මහතා තවදුරටත් කියා සිටි.
