කඩුවෙල, බෝමිරිය රාස්සපාන ප්‍රදේශයේ විහාරස්ථානයක් නමින් නිවසක් පවත්වාගෙන ගිය පල්ලේගම සුමන නැමැති භික්ෂුව ඊයේ (08) දින නවගමුව පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත .
ප්‍රදේශයේ කාන්තාවන් කිහිප දෙනෙකුට නොමනා ක්‍රියාවන් සිදු කල බවට ප්‍රදේශවාසීන් විසින් සිදු කරන ලද පැමිණිලි මත එම භික්ෂුව පොලිසියට කැදවා සාක්ෂි සටහන් කිරීමෙන් පසු අත් අඩංගුවට ගත් බව ද පොලිසිය පවසයි.
අත් අඩංගුවට ගත් සැකකාර භික්ෂුව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිර ඇත .
