වියලි කාලගුණය හේතුවෙන් මේ වන විට දිවයින පුරා දිස්ත්‍රික් 11 ක පුද්ගලයන් 99,599 ක් පීඩාවට පත්වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 21 ක පවුල් 30892 ක් මෙම වියළි කාලගුණ තත්ත්වය නිසා පීඩා විඳ ඇති අතර වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ යාපනය දිස්ත්‍රික්කයේන් වන අතර එම ප්‍රමාණය 69,113 ක් වේ.
එසේම මේ වන විට වගාවන් සඳහා වැඩිම හානි වී ඇති ප්‍රදේශය ලෙස කුරුණෑගල දිස්ත්‍රික්කයත් දකුණු පළාතට උග්‍ර ලෙස පානීය ජල ගැටලුවට මුහුණ දීමට සිදුවී ඇති බවත් වාර්තා වේ.
