ක්‍රිකට් ආයතනයේ වංචා දූෂණ ගැන හෙළි කිරීමෙන් පසු මුදල් දී තමන්ගේ කට වැසීමට ක්‍රිකට් ඇතැම බලධාරීන් උත්සාහ දරු බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා ප්‍රකාශ කරයි.
මේ සම්බන්ධයෙන් තමන් සතුව හඬ පට සහ වීඩියෝ දර්ශන ඇති බවත් අවශ්‍ය වේලාවේදී ඒවා සාක්ෂි ලෙස ඉදිරිපත් කිරීමට සූදානම් බවත් හෙතෙම කියා සිටි.
පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් විශේෂ හෙලිදරව්වක් කිරීමට තමන් සූදානම් බවත් මෙම මාධ්‍ය හමුව අමතමින් මන්ත්‍රීවරයා කියා සිටියා.
