ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ මොහොතේ එකට එක්ව කටයුතු කලයුතු බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න මහත්මිය සඳහන් කරයි

මන්ත්‍රීනිය මේ බව සඳහන් කළේ මහනුවර දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එක ජාතික වැඩපිළිවෙළක් වෙනුවෙන් සියලු පක්ෂ නායකයන් මේ මොහොතේ එක්ව කටයුතු කිරීම සිදු කල යුතුය.

රනිල්-සජිත් එක්ව මේ මොහොතේ ගමනක් යා යුතු බව ජනතාව වෙතින් ද යෝජනා ඉදිරිපත් වන බව ද එම යෝජනා සාධාරණ බවත් තමන් එය අනුමත කරන බවත් ඇය පැවසුවාය.

ජාති ආගම් පක්ෂ ලෙස බෙදී වෙන් නොවී ඉදිරි වසර 25 රට ඉදිරියට ගෙන යෑමේ ජාතික සැලැස්මකට කටයුතු කිරීම මේ මොහොතේ අවශ්‍ය බව ද ඇය තවදුරටත් කියා සිටියාය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page