මේ වන විට නතර කර ඇති නිවාස වැඩසටහන් කඩිනමින් යළි ආරම්භ කරන බවත් ඒ සදහා සැලසුම් අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ උපදෙස් මත සකස් කර ඇති බවත් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියආරච්චි සදහන් කරයි.
දිළිදු පවුල් සදහා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සෙවණ අරමුදල යටතේ නිවාස ආධාර ලබාදෙන බව ඔහු වැඩිදුරටත් සදහන් කරයි .
රාජ්‍ය සේවකයින් වෙනුවෙන් “සේවාභිමානී” නමින් ණය වැඩසටහනක් ආරම්භ කර තිබෙන අතර ණය වැඩසටහනට අනුව සියයට 14% ක පොලි අනුපාතයක් යටතේ රුපියල් ලක්ෂ 10ක් දක්වා ඔවුන්ට ලබාදෙන බවද සභාපති රජීව් සූරියආරච්චි සදහන් කරයි.
