දිර්ඝ කාලීනව රටකට ආනයන තහනම් කරගෙන සිටිය නොහැකි බවත් ක්‍රමාණුකූලව රට විවෘත කරන්න අවශ්‍ය බවත් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ..
ආර්ථික අර්බුදයෙන් රට වැටි තිබුණු සමයේ භාණ්ඩ වර්ග 3,000 කට වඩා වැඩි ප්‍රමාණයක් ආනයන සිමා කරන්නට අපට සිද්ද වුණු බවත් ආනයන සීමා ඉවත්කිරීම සිදුවන්නේ යළි ආර්ථික අර්බුදයකට ඉඩ ප්‍රස්තාව විවර නොවන ලෙස දැඩි අධීක්ෂණයකින් පසුව බව ඔහු සදහන් කරයි .
එදා විදේශ සංචිත නොමැතිව ආනයන සිදුකර ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවෙලා තිබුනත් අද
සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 3 ක් දක්වා වර්ධනය කර ගන්නට අපට හැකි වෙලා තිබෙනවා .
මේ වන විටත් රජය ආනයන සිමා ටිකෙන් ටික ලිහිල් කරමින් සිටින අතර ඉදිරියේ දි එය ක්‍රමානුකූලව ඉවත් කිරීමට කටයුතු කරන සිදු කරන බව අමාත්‍යවරයා පවසයි .
