කෑගල්ල විවිධ සේවා සමූපාකාර සමිතියේ මහාසභා රැස්වීම අද ( 20 ) දින පැවැති අතර එහි අධ්යක්ෂ මණ්ඩලය තොර පත් කර ගැනිම ද අද දින සිදූවිය.
එහිදී අධ්යක්ෂ මණ්ඩලයේ සමාජිකයන් 7න් 6 දෙනෙකුම සමගි ජන බලවේගය පක්ෂයේ කණ්ඩායම අතරින් තේරී පත්වීම කැපිපෙනුණි.
වසර 30 ක කාලයක් ශ්රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ඔවුන්ගේ පෙර පක්ෂවලට බලය තිබූ මෙම කෑගල්ල විවිධ සේවා සමූපාකාර සමිතියේ බලය සමගි ජන බලවේගය හිමි කර ගැනීමට හැකි වු බව වාර්තා විය.
