කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවකට බොරු සාක්ෂි නිර්මාණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර මහතා ඇතුළු සැකකරුවන් සිව්දෙනා නීතිපති උපදෙස් මත ගම්පහ මහේස්ත්‍රාත් ශිලනි චතුරන්ති පෙරේරා මහත්මිය එම චෝදනාවලින් නිදහස් කර ඇත .
කලගෙඩිහේන ප්‍රදේශයේ පිහිටි නිවසක පිටුපස තිබූ දර මඩුවක ටී 56 වර්ගයේ ගිනි අවි සහ ක්ලේමෝ බෝම්බයක් ඇතුළු ආයුද සහ පුපුරණ ද්‍රව්‍ය සගවා තබා එම අවි සහ පුපුරණ ද්‍රව්‍ය හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු සැකකරුවන්ට එරේහිව චොදනාවට බොරු සාක්කි නිර්මාණය කල බවට ශානි අබේවර්ධන හට චෝදනා ඉදිරිපත් කර තිබුණි.
ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ලැබි ඇති නීතිපති උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර, උප පොලිස් පරීක්ෂක සුගත් මෝහන මෙන්ඩිස්, විශ්‍රාමික උප පොලිස් පරීක්ෂක නවරත්න ප්‍රේමතිලක සහ විදේශගතව සිටින හිටපු පොලිස් පරීක්ෂක ඒඩ්‍ර්‍යන් නිශාන්ත සිල්වා යන සැකකරුවන් සිව් දෙනා මෙසේ නීතිපති උපදෙස් මත එම නඩුවෙන් නිදහස් කෙරුණි.
