පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර පොන්නම්බලම් මන්ත්‍රිවරයා උතුරට ගොස් එහි ජාතිවාදය වැපිරීමට කටයුතු කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා සදහන් කරයි .

පාර්ලිමේන්තු මන්ත්‍රි ගජේන්ද්‍ර පොන්නම්බලම් මහතාගේ පවුලේ පරම්පරා හතරක් සිංහල ජනතාවගේ කිසිදු බාධා කිරීමකට ලක් නොවී කොළඹ ප්‍රදේශයේ ජිවත් වු බවත් දකුණේදි දෙමළ ජනතාව ලබාදී ඇති නිදහස උතුරේදී සිංහල ජනතාවට ද ලබාදිය යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායකයා අවධාරණය කරයි.

දකුණේ සහජීවනය උතුරටත් ලබා දෙනු ! පොන්නම්බලම්ගේ ජාතිවාදය හෙළා දකිමු !යන තේමාව යටතේ ඊයේ (26) පිවිතුරු හෙළ උරුමය විසින් ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මන්ත්‍රිවරයාගේ කොළඹ පිහිටි නිවස ඉදිරිපිට පැවැත්වූ උද්ඝෝෂණයේ දි ඔහු මෙම අදහස් ප්‍රකාශ කල සිටියා

පියා කුමාර් පොන්නම්බලම් ජීවත් වුණේ කොළඹ. ඔහුගේ සීයා ජී ජී පොන්නම්බලම් ජීවත් වුණෙත් කොළඹ. සීයාගේ පියා ගංඟසාර් පොන්නම්බලම් සිය ජීවිතයේ අවසන් කාලය ගත කරන්නේ කොළඹ. පරම්පරා හතරක් පොන්නම්බලම්ලා කොළඹ ජීවත් වෙනවා කිසිම කරදරයක් නැතුව.

නමුත් ගජේන්ද්‍ර පොන්නම්බලම් යාපනයේ තිස්ස විහාරයේ වස් පිංකමට ඇවිල්ල බාධා කරා. මුලතිව් කුරුන්දි විහාරයේ පිරිත් පිංකම කරද්දී එතෙන්ට ඇවිල්ල බාධා කරා.

. අපි මෙතෙන්ට ඇවිල්ල පොන්නම්බලන්ගෙන් ඉල්ලා සිටින්නේ එකම එක දෙයයි. ඔබ දකුණේ විඳින නිදහස උතුරේ දී අපට විඳින්න ඉඩ දෙන්න.ඒ වගේම අපි ගෞරවයෙන් සිහිපත් කරන්න ඕනෑ උතුරේ ඉන්න අහිංසක ජනතාව අප ඉතා ආදරෙන් පිළිගත්තා. නමුත් මේ උතුරේ ඉන්න ජාත්‍යන්තරයෙන් ඩොලර් පවුම් ලබාගන්න අන්තවාදී ජාතිවාදී දේශපාලකයන් අතලොස්ස උතුරේත් දකුණේත් ජාතිවාදී විසබීජය වපුරමින් යලිත් වතාවක් මේ රටට බෙදුම්වාදයේ ත්‍රස්තවාදය කරා ගෙන යන්න උත්සාහ ගන්නවා.

අපි ආණ්ඩුවටත් කියනවා ඊනියා ජාතික සමගි වැඩසටහන් දියත් කරන්න ගිහිල්ලා යහමින් ගොඩනැගිලා තියෙන සිංහල දෙමළ සමගිය විනාශ කරන්න එපා. සිංහල ජනතාවත් දෙමළ ජනතාවත් සහෝදරත්වයෙන් උතුරේ ඉන්නවා, දකුණේත් ඉන්නවා. ඒ සමගිය නැති කරලා තමන්ගේ ඡන්ද කුට්ටිය වඩා ගැනීමේ උත්සාහයක තමයි පොන්නම්බලම් යෙදී සිටින්නේ.

ආගම් භේද ජාති භේද පසෙකලා අපත් සමග එකතු වෙන්න කියලා සමස්ත ජාතියටම අප ආයාචනා කරනවා.ගජේන්ද්‍රන්ගේ ඩොලර්වලට වඩා සිංහල දෙමළ සමගිය වටිනවා.අපේ ආදරණීය මව්බිම වෙනුවෙන් අපි පෙළ ගැහෙනවා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page