උගන්ඩාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කරගැනීම සදහා උගන්ඩා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනෙක් පසුගිය දා කථානායකවරයා හමුවු බව පාර්ලිමේන්තුව වාර්තා කරයි.
ඒ උගන්ඩාවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් වන ගරු එලිජා ඔකුපා (Elijah Okupa) සහ ගරු අබ්දු කටුන්ටු (Abdu Katuntu) යන මහත්වරුන් ය.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයපාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරු දෙදෙනා හමුවුණු අතර 2024 ජනවාරි මස උගන්ඩාවේ පැවැත්වීමට නියමිත 27 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය කථානායකවරුන්ගේ සහ මූලාසන නිලධාරීන්ගේ සමුළුවට (CSPOC) සහභාගි වන ලෙස කථානායකවරයාට මෙහිදී ආරාධනා කර බව සදහන් කරයි.
