1956 දී බණ්ඩාරනායක ජයග්‍රහණය අපේ රටේ
විශාලම විනාශයේ ආරම්භය බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි .
ශ්‍රී ලංකා දේශපාලනයේ ජයග්රාහි නායකයෝ සාර්ථක වි නැති බවත් 1956 දක්වා ශ්‍රී ලංකාවේ අයවැය හිඟයක් නොතිබුණු බවත් බණ්ඩාරනායකගේ ජයග්රහනයෙන් පසුව පළමු වතාවට ලංකා ආර්ථිකයේ අයවැය හිඟයක් ඇති වු බවත් හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කලා.
භාෂාව පිළිබඳව එතුමා ගත්ත වැරදි තීරණ නිසා රට තුල ගැටළු රාශියක් ඇති වු බවත් අවුරුදු 40 කට පස්සේ බලයට ආපු
එතුමාගේ දියණිය ඒය වෙනස් කල බවත් සදහන් කලා.
2019 ගෝඨාභය රාජපක්ෂ හැට නමලක්ෂයක් ඡන්ද ගත්තා.ලංකා මැතිවරණ ඉතිහාසයේ වැඩිම ඡන්ද ගත්ත අපේක්ෂකයා වුනා.එතුමගේ ජයග්රහණයෙන් පස්සේ රටට සිද්ධ වෙච්ච දේ ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ .
ජයග්‍රහි නායකයෝ සාර්ථකවෙලා නැහැ… සාර්ථක නායකයන්ට,
මේ රට ඉඩදීලත් නැහැ.
හරි දේ කරන නායකයන්ට නෙවෙයි ජනප්‍රිය දේ කරන නායකයන්ටයි මේ රටේ හැමදාම ජන්ද ලැබුණේ .ඒවායේ ප්‍රතිඵල අද ඇතිවෙන්න ජනතාව භුක්ති විඳනවා.
දැන්වත් ජනතාවට තේරෙන්න ඕනේ ජනප්‍රිය නායකයෙක් වෙනුවට බුද්ධිමත් සාර්ථක නායකයෙක් තෝරාගැනීමේ වැදගත්කම.
