ලංකාව ඉන්දියාවට යා කරමින් පාලමක් ඉදි කිරීම සඳහා ආණ්ඩුවේ පවතින සූදානම සම්බන්ධයෙන් අදහස් දක්වමින් කොළඹ අදරදගුරු රංජිත් මැල්කම් හිමිපානෝ සඳහන් කළේ ලංකාවත් ඉන්දියාවත් අතර ආර්ථික ගනුදෙනුවලට කටයුතු කළා මිසක් වහල්කම් කිරීම සඳහා කටයුතු නොකළ බවයි .

එම හිමිපානෝ වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ.

අපේ රට හැමදාම නිදහස් රටක්. කවදාවත් අපි කිසිම රාජ්‍යයක වහල්ලු වෙලා හිටියේ නැහැ. වෙන රටකින් කැඩිල ගියේ නැහැ. ශ්‍රී ලංකාව එදා ඉඳල තිබුණේ වෙනම රටක් හැටියට.

මේ රට ක්‍රම ක්‍රමයෙන් පාවා දෙන්නේ, මේ රට විනාශ කරන්නේ අපේ රටේ මිනිස්සු .විදේශීය ජාතියකට අපේ රට යට වුනානම් යට වුනේ අපේ නායකයන්ගේ පාවාදීම නිසයි. හෙටත් ඒ දේ වෙන්න පුළුවන්. මේ රටේ එවැනි තීරණයක් ගන්නවානම් අපි හැමදෙනාගේම මතයට ගරු කරනවානම් ප්‍රජාතන්ත්‍රවාදී රටක්නම් මහජනතාවගේ මතය නැතිව මේ දේවල් කිරීම වැරදියි. එය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් නෙවෙයි.

අපේ රට වෙනුවෙන් අපි අද ඇත්තටම කනගාටුවෙනවා. තවත් ඉඩම් අක්කර දහස් ගනන් දෙන්ඩ සුදානම්. ඔක්කොම රටවල්වලට කෑලි කෑලි කඩලා කඩලා දෙමු. හරි හොඳයි. එතකොට අපිට ඉතුරුවෙන්න කිසිදෙයක් නැහැ. මේක අසනීපයක්“අපේ රටේ කෑලි කෑලි විකුණ විකුණ එක එක රටවල් වලට

එක එක බලවේගවලට යටත්වෙමින් විවිධ මෝඩ තීරණ ගනිමින් මේ රට විනාශය කරා ගෙනයන්නට කටයුතු කරමින් තිබෙනවා.

ඒගොල්ලන් ඉන්දියාවට පාලමක් හදනවලු. දැන් ඉන්දියාවෙන් අපිට තියෙන ප්‍රශ්න මදැයි. තවත් ප්‍රශ්න එකතුකරගන්නයි හදන්නෙ.ඔබට මතකයි පරිප්පු ගෙනත් දැම්මා.ඔබට මතකයි හමුදාවක් එව්වා ලංකාවට. ඔබට මතකයි ඒගොල්ලන්ගේ මතය මත යම් යම් දේවල් ක්‍රියාත්මක කළ යුතුයි කියලා අපිට බල කෙරුවා.බලෙන් ඒවා අපේ කර උඩ පැටෙව්වා. තව පාලමකුත් හදාගත්තම හොඳට තියෙයි. කවුද මේ මෝඩ කතා කියන්නේ?

. මේ විනාශකාරී බලවේග මේ රට වහල් තත්වයට ඇද දමනවානම් ඔවුන්ව එළියට දමන එක තීරණය ගන්න ඕන අපි.”

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page