පසුගිය දා ජාතික ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තු ආරක්ෂක ආංශික සභාව හමුවට පැමිණි මහාචාර්ය රොහාන් ගුණරත්න මහතාට ශ්රී ලංකා මුස්ලිම් කොංග්රස් නායක පාර්ලිමේන්තු මන්ත්රී රවුෆ් හකීම් මහතා විසින් දැඩි ලෙස බැණ වැදීමක් සිදු කර ඇත .
පාස්කු දින ප්රහාරය ආගමික ත්රස්තවාදී කණ්ඩායමක ප්රහාරයක් බව සාක්ෂි සහිතව සනාථ වන්නේ යැයි රොහාන් ගුණරත්න මහතා එහිදී පෙන්වා දීමට ගිය අවස්ථාවේ මන්ත්රීවරයා මෙසේ බැණ වැදී ඇත.
මන්ත්රීවරයා සඳහන් කර ඇත්තේ ‘ඔබ මහාචාර්යවරයෙක් නෙවෙයි. වහාම ඔය කතාව නවත්තන්න’ යනුවෙනි.
මහාචාර්ය රොහාන් ගුණරත්න මහතා සිංගප්පූරුවේ සිට ශ්රී ලංකාවට කැඳවා ඇත්තේ මෙම ආංශික සභාවෙන් ය.
පාර්ලිමේන්තු මන්ත්රී සරත් වීරසේකර මහතාගේ ප්රධානත්වයෙන් මෙම ආංශික සභාව රැස්වීවන අතර මෙහි සාමාජිකයකු ලෙස පාර්ලිමේන්තු මන්ත්රී රවුෆ් හකීම් මහතා මහතාද පත්කර ඇති බවත් පසුගිය 24 වනදා මහාචාර්යවරයා කැඳවා ඇති අවස්ථාවේ මෙම උණුසුම් තත්වය ඇතිව ඇති බව වාර්තා වේ.
එහිදී කමිටුවේ සභාපති සරත් වීරසේකර මහතා සඳහන් කර ඇත්තේ ආංශික සභාවේ ආරාධනයක් මත පැමිණ ආරාධිතයෙකුට බැන වැදීම හා ඔහුගේ සුදුසුකම් පරික්ෂා කිරීම මේ මොහොතේ සිදු නොකල යුතු බවයි.
