අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදාගැනීමට පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා අනුරාධපුර දුම්රිය ස්ථානයේ සිට ජය ශ්‍රි මහා බෝධීන් වහන්සේ දක්වා විශේෂ බස් රථ සේවාවක් අද (අගෝ. 30) ආරම්භ කර ඇත.
අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ විසින් සිදු කරන ලද ඉල්ලීමකට අනුව එම බස් රථ සේවාව අද දින සිට ආරම්භ කර ඇති බව ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි .
එක් අන්තයක් සඳහා මගියෙකුට රුපියල් පනහක් වැනි මුදලකට ගමන් කළ හැකි බවත් සැම දිනයකදීම මෙම බස් රථ සේවාව බැතිමතුන් වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන බවත් ඔහු සදහන් කරා.
ලංකා ගමනාගමන මණ්ඩලය හා දුම්රිය දෙපාර්තමේන්තුව එක්ව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනු ලබයි
