ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් ප්‍රමුඛ අනුනායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගන්නා ලදි.
ඊයේ (29) පස්වරුවේ පළමුව මල්වතු මහා විහාරයට පැමිණි ජනාධිපතිවරයා මල්වතු මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නා හිමිපාණන් වහන්සේ බැහැදැක සුව දුක් විමසමින් කෙටි පිළිසඳරක නිරත වු අතර උන්වහන්සේ සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද කරන ලදි.
පසුව මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධම්ම හිමිපාණන් වහන්සේ ද බැහැදැක කෙටි පිළිසඳරක නිරත වුහ.
අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන නාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්හ.
ඓතිහාසික මුතියංගන රාජමහා විහාර භාරකාර, ආචාර්ය පූජ්‍ය මුරුද්දෙණියේ ශ්‍රී ධම්මරතන නායක හිමිපාණන් වහන්සේ ද එම අවස්ථාවට වැඩම කර සිටි අතර අස්ගිරි පාර්ශ්වයේ අනුනායක හිමිවරුන් වන පුජ්‍ය ආණමඩුවේ ධම්මදස්සී හිමිපාණන් වහන්සේ සහ පූජ්‍ය වෙඬරුවේ උපාලි අනුනායක හිමිපාණන් වහන්සේ ද බැහැ දැක කෙටි පිළිසඳරක නිරත විය.
හිටපු අමාත්‍ය මලික් සමරවික්‍රම, ජනාධිපති අතිරේක ලේකම් කමල් පුෂ්පකුමාර යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
