වතු කම්කරු ජනතාව මෙරටට පැමිණ වසර දෙසියක් ගත වන බවත්, එම ජනතාවගේ ඉඩම් ගැටළුවට මෙතෙක් විසදුම් ලැබි නොමැති බවත් ,ඉඩම් ගැටළුව විසදා එම ජනතාවට පදිංචි ඉඩම් වලට හිමිකම් ඔප්පුවක් ලබාදෙන්නේ නම් ඉදිරියේදි පැවැත්වෙන ජනාධිපතිවරණයේදි සමස්ත වතුකරයේ ජනතාවගේම පුර්ණ සහයෝගය ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වෙත ලබාදෙන බව බදුල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී වඩිවේල් සුරේෂ් මහතා පැවසිය.
වඩිවේල් සුරේෂ් මන්ත්රිවරයා ඒ බැව් කියා සිටියේ වතුකරයේ ජනතාව මෙරටට පැමිණ වසර 200 ක් සපිරිම නිමිත්තෙන් නාවලපිටිය නගරයේ පැවති උත්සවයකට සහභාගී වෙමින් ය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් මන්ත්රිවරයා කියා සිටියේ වතුකරයේ ජනතාව මෙරටට පැමිණ වසර 200 ක් ගත වුවද එම ජනතාව වෙනුවෙන් මේ රටේ කිසිදු පාලකයෙකු කටයුතු නොකල බවයි.
