සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට පක්ෂව තම ජන්දය භාවිතා කරනු ලබන බව දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වි.රාධාක්‍රිෂ්ණන් පවසයි .

ඔහු මේ බව සදහන් කලේ ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.

මේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්පුර්ණයෙන්ම කඩා වැටි ඇති බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවේදි කෙහෙලිය රඹුක්වැල්ල මහතාට එරෙහිව දමිල ප්‍රගතිශිලි සන්ධානයේ ජන්දය ලබාදෙන බවත් පැවසීය .

එම විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ජන්දය භාවිතා කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් මේ රටේ සෞඛ්‍ය ක්ෂෙත්‍රය කඩා වැටිමට පුර්ණ සහය දැක්වු පිරිසක් ලෙසත් මන්ත්‍රිවරයා වැඩිදුරටත් කියා සිටියේය

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page