ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ඊයේ (18) පැවති තරග දෙකෙන් ජය ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම හා නේපාල කණ්ඩායම අතර පැවති තරගයේ කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට නේපාල කණ්ඩායම ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 50 තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 290 ක් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ කණ්ඩායම 45 වන පන්දුවාරයේදී කඩුලු 2 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යමින් කඩුලු 8 කින් තරගය ජයගත්තා.
එසේම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා අමෙරිකා කණ්ඩායම අතර පැවති තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට අමෙරිකාව සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 50 තුළ සියලු දෙනා දැවී ලකුණු 297 ක් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අමෙරිකා කණ්ඩායමට සිය පන්දුවාර 50 තුළ කඩුලු 7 ක් දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 258 ක් පමණක් වන අතර ඒ අනුව තරගය ලකුණු 39 කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.
ලකුණු පුවරු පහතින්.ZIM vs USA


WI vs USA



