1972 අංක 7 දරන ගෙවල් කුලී පනත අවලංගු කිරීම සහ පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත හඳුන්වාදීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමට අධිකරණ, අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබි ඇත.

ඉඩම් හිමියන්ගේ සහ කුලී නිවැසියන්ගේ අයිතිවාසිකම් සහ යුතුකම් නිශ්චය කිරීමේ අරමුණින් හඳුන්වා දෙනු ලැබ ඇති ගෙවල් කුලී පනත අවස්ථා කිහිපයකදී සංශෝධන සිදු කර ඇත.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය යටතේ ස්ථාපිත ගෙවල් කුලී නීතිය පිළිබඳ උපදේශක කමිටුව විසින් මේ පිළිබඳව මේ වන විට කරුණු අධ්‍යයනය කර ඇත.

අවස්ථා කිහිපයකදි සංශෝධන ඉදිරිපත් කළත් පනතින් අපේක්ෂිත අරමුණු ඉටු නොවන බව මේ වන විට පෙනී ගොස් ඇත.

ඒ අනුව කුලී නිවැසියාගේ සහ ඉඩම් හිමියාගේ අයිතිවාසිකම් සමානව ආරක්ෂා කිරීම අරමුණු කර ගත් නව නීතියක් හඳුන්වා දීම සුදුසු බවට යෝජනා කර තිබේ

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page