එක්සත් ජාතික පක්ෂ 77 වන සංවත්සරය පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන්ගේ ප්‍රධානත්වයෙන් අද (සැප් 6) සිරිකොත පක්ෂ මුලස්ථානයේදී අගමික වතාවත්වලට මුල් තැන දෙමින් ඉතා චාම් අන්දමින් පවත්වන ලදි.
1946 සැප්තැම්බර් මස 6 වන දින කොළඹ ෆාම්කෝට් මන්දිරයේදී දොන් ස්ටීවන් සේනානායක විසින් දක්ෂිණාංශික බහුතර සිංහල ප්‍රජාව සහ සුළුතර දෙමළ සහ මුස්ලිම් ප්‍රජාව එකතුකොට ආරාම්භ කරන ලද එක්සත් ජාතික පක්ෂය අද 77 වන සංවත්සරය සමරනු ලැබුවා.
ඩ්.ඒස්. සේනානායක , ඩඩ්ලි සේනානායක , සර් ජොන් කොතලාවල , ජේ .ආර්.ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස , ඩ්.බි.විජේතුංග , රනිල් වික්‍රමසිංහ යන අය පක්ෂ නායකත්වය දරා ඇත.
සිරිකොත පක්ෂ මුලස්ථානය සංවිධානය කරන ලද ඒම සංවත්සර උත්සවයකට පක්ෂ ජ්‍යෙෂ්ඨ නායකයන් සංවිධායකවරු සහ පක්ෂ ක්‍රියාකාරීන් සහභාගි විය.
